
ඔබ වෙනුවෙන්ම කැපවුණු Asia Desk ඇරඹුම කෙසේද?
ජර්ස්ක් සදර්ලන්ඩ් (Jirsch Sutherland) වසර විස්සකට වඩා ආසියාවේ සහ ඔස්ට්‍රෙලියාවේ ව්‍යාපාර සහ ඒවායේ උපදේශකයන්ට අවශ්‍ය උපදෙස් ලබාදීම සම්බන්ධයෙන් ප්‍රවීණයෙකි.
Asia Desk කා වෙනුවෙන්ද?
ආසියාවේ සහ ඔස්ට්‍රෙලියාවේ ව්‍යාපාරික හිමියන්ට, ඒවායේ අධ්‍යක්ෂවරුන්ට සහ උපදේශකවරුන්ට Asia Desk සේවාව සැපයෙනවා. විශේෂ දැනුමැති බහුජාතික කණ්ඩායමකින් සමන්විත Asia Desk අසාර්ථක වූ ව්‍යාපාර නැවත පණගැන්වීමට සහ ව්‍යාපාර බේරාගැනීමට ප්‍රවීණයෝ වෙති. අපගේ කණ්ඩායමේ සාමාජිකයන්ගේ විශේෂත්වය වන්නේ ආසියානු ව්‍යාපාර ක්ෂේත්‍රය පිළිබදව සහ එහි ක්‍රියාකාරිත්වය පිළිබඳවත්, ආසියානු සංස්කෘතිය හා වෙළෙඳපොළ, එහි ව්‍යාපාරික නීති සහ අවශ්‍යතා සහ ඒවාට අදාල තාක්ෂණික දැනුමෙන් පරිපූර්ණ වීමයි. එපමණක් නොවේ, ඔබට හුරුපුරුදු මැන්ඩරින්, කැන්ටනීස්, භාෂා, සිංහල සහ හින්දි භාෂාවලින් කතා කිරීමට අප සමත් වීමයි. ඒ තමන්ගේ ප්‍රශ්නයක් තමන්ගේම භාෂාවෙන් කථා කිරීම කොතරම් සමීපද ලෙන්ගතු ද කියන කාරණාව අප හොඳින්ම දන්නා නිසාවෙනි. ඔබගේ රටේ ව්‍යාපාර, සංස්කෘතිය, භාවිතාවන් සහ වෙළෙඳපොළ හොඳින්ම දන්නා අප ඔබේ භාෂාවෙන්ම කතා කරමින් ඔබේ ව්‍යාපාරය නැවත පණ ගැන්වීමට හෝ නගාසිටුවීමට, ප්‍රතිව්‍යුහගත කිරීම කොතරම් පහසු සමීප කාර්යයක්ද?
අපගේ විශේෂඥ කණ්ඩායමේ හැකියාවන් මත ඔස්ට්‍රෙලියානු කොටස් වෙළදපළේ ලියාපදිංචි ආසියානු-ඔස්ට්‍රෙලියා ව්‍යාපාර ගණනාවක් සදහා උපාය මාර්ගික ප්‍රතිසංවිධාන කරමින් නැවත ප්‍රතිව්‍යුහගත කරන්නටත්, කඩා වැටුනු ව්‍යාපාර නගා සිටුවන්නට හැකිවුණා.
අප සතු විශේෂඥභාවය
- ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම
- මූල්‍ය ක්රමෝපායන් හදුන්වාදීම
- ව්‍යාපාර උපදේශනය
- ආයතන වලට අවශ්‍ය බදු ආරක්ෂණ රැකවරණ සේවා
- ව්‍යාපාරික ණය ගිවිසුම් වලට එළඹීම
- ආයතන බේරුම් කර ගැනීමේ ස්වෙච්ඡා මැදිහත් සේවාව
- ආයතන භාරකාරීත්වය
- ව්‍යාපාර ආයතන ඈවර කිරීම
- ආයතන වල ගිණුම් භාරකාරීත්වය
- වෝහාරික විගණනය සහ වංචා දූෂණ විමර්ශනය
- පෞද්ගලික ණය සේවා ලබා ලබා ගැනීමට නොහැකි වූ ආයතන වලට පෞද්ගලික ණය සේවාව ලබා ගැනීමේ පහසුකම් සැලසීම
මෙවන් වෘත්තීමය විශේෂඥ සේවා රැසක් සඳහා Asia Desk අමතන්න.
අපට උපදේශකත්වය ලබා දෙන්නේ ජර්ෂ සදර්ලන්ඩ්ගේ සහකාරිය වූ මෙලිසා ලාඋ (Melissa Lau). ඇය ඔස්ට්‍රෙලියාවේ, හොංකොං සහ මැලේසියාවේ වෘත්තීය ලියාපදිංචි බේරුම්කාරී වෘත්තීය වසර විස්සකට කලක් යෙදුණු, සංස්ථාපිත බැංකු සේවා ආයතන ප්‍රතිව්‍යුහගතකිරීමේ අත්දැකීම් ඇති මැන්ඩරින්, කැන්ටනීස් සහ භාෂා කථා කිරීමේ නිපුණතාවක් ඇති විශේෂඥවරියකි. මෙලිසා ලාඋ (Melissa Lau) සමඟ ෆී වී (Fei Wei) සහ අමිත් ගුම්බර් (Amit Ghumber) එක් වෙති.
Asia Desk කණ්ඩායම සමග පළමු සාකච්ඡාවාරයට කිසිදු අයකිරීමක් නොමැත. කිසිදු බැඳීමක් නැත.
අමතන්න 1300 547 724